Saturday, May 21, 2011

සිතිවිලි වේගය අඩු කර ගන්නෙ කොහොමද?

ඔබ අසාවි. ඒ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබගේ සිතිවිලි ගැන දැනුවත් වන්නට ඕනෙ. ඒ වගේම සිතිවිලි වේගය සමඟ ඔබේ හුස්‌ම රටාවත් බැඳිලා තිබෙන වග අමතක කරන්න එපා. ඒ නිසා තමයි ඔබට දුකක්‌ තරහක්‌ දැනෙන විට ඔබේ සිතිවිලි වේගයක්‌ වනවිට ඔබ තදින් සහ ඉක්‌මනින් හුස්‌ම ගන්නෙ.

සිතිවිලි සහ හුස්‌ම අතර තිබෙන මේ බැඳීම නිසා හුස්‌ම ගන්නා රටාව වෙනස්‌ කිරීමෙන් සිතිවිලි වේගය පාලනය කරන්න පුළුවන්.

දිනකට කිහිප වතාවක්‌ (අවම තරමින් උදෑසන සහ රාත්‍රියේදී) සිරුරෙන් නිසල වී ඔබේ හුස්‌ම කෙරෙහි අවධානය යොමුකරන්න. සිතාමතාම ගැඹුරු දීර්ඝ හුස්‌ම ගැනීමට උත්සහ කරන්න. හුස්‌ම ගැනීම ක්‍රමයෙන් නිසල වෙත්ම ඔබ නොදැනුවත්ම ඔබේ සිතිවිලිවල වේගය අඩුවේවි. ක්‍රමයෙන් ඔබ ගැඹුරු නිසල මානසික රටාවක හිමිකරුවෙක්‌ වේවි.

ආනාපානසති භාවනාව නමින් ප්‍රසිද්ධ හුස්‌ම කෙරෙහි අවධානය යොමු කිරීමේ භාවනා ක්‍රමය සිතෙහි ශක්‌තිය වඩන භාවනාවක්‌ ලෙස හඳුන්වන්නේ මේ නිසයි.

නිසල ගැඹුරු ජලතලයක්‌ මත වැටෙන ඡායාවන්ට වඩා පැහැදිලි වන ලෙසම සිතිවිලි වේගය මඩින ලද සිතක සියල්ල මැනවින් සටහන් වෙනවා. එවන් සිතක මතක ශක්‌තිය වැඩියි. එවිට ජීවිතයේ විඩාව ආතතිය නැතිවී යනවා. ජීවිතය විඳින්න පහසු වෙනවා. ඒ නිසා සිතිවිලි පොදි ගැසී එනවිට සිතිවිලි වේගය අඩුකරගන්න. හුස්‌ම ගැන අවධානය යොමු කරන්න

හොඳින් ජීවත්වෙන්න හොඳින් හුස්‌ම ගන්න.


School of soper mind අධ්‍යක්‌ෂිකා
සමන්ති දේශප්‍රිය


No comments:

Post a Comment